(සුසිල් ප්‍රියන්ත)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු ඇදගෙන විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
කළු ඇදගෙන පැමිණි එක්ෂත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාපති එන්.සමන් ද සිල්වා මහතාගේ සභාපති අසුනේ හා එහි මේසයේ වාඩිවීමට දැරූ උත්සහාය වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් උත්සහා දරද්දී එහි ඇතිවුයේ දැඩි උණුසුම් තත්ත්වයකි.
ඡායාරූප නැරඹීමට පිවිසෙන්න