බලපෑම්වලට යටත්ව නඩු වලින් නිදහස් කිරීම වහා නතර


(අංජුල මහික වීරරත්න)

දේශපාලන බලපෑම්වලට යටත්ව නඩු වලින් නිදහස් කිරීම වහා නතර කළ යුතු බව සමගි ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  හර්ෂණ රාජකරුණා මහතා  පැවසීය.

වැරදි තීරණ ගත හොත් අල්ලස් කොමිසම, නීතිපති  දෙපාර්තමේන්තුව හෝ ස්වාධීන යැයි කියන ආයතන වල සිටින නියෝජිතයන්ට විරුද්ධව සජබ ආණ්ඩුවක් යටතේ පරීක්ෂණයක් කොට
නීත්‍යානුකූලව දඬුවම් ලබා දෙන බවද රාජකරුණා මහතා කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීය.

ආණ්ඩුවේ අය හොඳටම කර ඇත්තේ තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම යැයිද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සම්බන්ධ පනහකට අධික නඩු ඉතා වේගයෙන් නිදොස් කොට නිදහස් කරගෙන යන බවද රාජකරුණා මහතා කීය.