බලන්ගොඩ රයිවත්තේ නිවසක අවුරුදු 16 ක දැරියකගේ සිරුරක්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ   රයිවත්ත ප්‍රදේශයේ  වතු  නිවාසයක   තිබි  දැරියකගේ  සිරුරක්  අද (22) සොයාගත් බව පොලිසිය පවසයි .

බලන්ගොඩ  පොලිස් බල ප්‍රදේශයට අයත්  රයිවත්ත  වතුයේ  නිවසක  තිබි   එම සිරුර  හමු වි ඇත. රයිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු  (16)  ක දැරියක්  මෙලෙස මියගෙස්  ඇත.
 
සිරුර බලන්ගොඩ මුලික රෝහට රැගෙන යැමට  නියමිතව ඇති බව පොලිසිය පැවැසිය. සිද්ධිය සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.