(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සියලුම නඩු කටයුතුවලින් අද (17)දා සිට සතියක කාලයක් ඉවත් විම සදහා බලන්ගොඩ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥ සංගමයේ තිරණය කළ බව බලන්ගොඩ නිතිඥ සංගමයේ සභාපති නිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා පැවැසිය.
නිතිඥ සංගමයේ සාමාජික නිතිඥවරුන් සමග සාකච්ඡා කර එම තිරණය ගත් බව ඒ මහතා කිය.
ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නිතිඥ දේශබන්දු සුරියබටබැදි මහතා මෙසේ කිය.
නිතිඥ සංගමය නඩු කටයුතුවලින් සතියකට ඉවත් වෙන බවට දිසා සහ මහේස්ත්‍රාත් තුමාට මේ බව දැනුම් දුන්නා. එතුමාගේ සහය ඒ සදහා ලැබෙන බවට ප්‍රකාශ කළා. අපි සේවා දායකයන්ට දැනුම් දෙන්නේ මේ සතිය තුළ තමන්ගේ බලන්ගොඩ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු සදහා අධිකරණයට පැමිණිම අවශ්‍ය නොවන බවයි.
ඔවුන් නොපැමිණීයා කියලා ඔවුන්ට එරෙහිව නඩු කටයුතු සමිබන්දයෙන් අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ.
ඔවුන්ට එරෙහිව වරෙන්තු හෝ නියෝග නිකුත් වෙන්නේ නැහැ.බලන්ගොඩ ප්‍රදේශයේ කෝවිඩි රෝගිය සිඝ්‍රයෙන් පැතිර යන බවට තොරතුරු වාර්තා විමත් සමග අපි මෙතනදී මෙම තිරණය ගත්තේ අධිකරණයේ කාර්ය්‍ය මණ්ඩලයයේ,මහේස්ත්‍රාත් තුමාගේ , නිතිඥ වරැන්ගේ ,නිතිඥ වරුන්ගේ පවුල්වල අයගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සහ කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශ ගෙනයන වැඩ පිළිවෙළට සහය දැක්විම සදහායි.

