(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටක් සහ දුම්කොළ සහිත පාර්සලයක් කළුතර බන්ධනාගාර තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කර තිබියදී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
කිසියම් පුද්ගලයකු බන්ධනාගාරය තාප්පය අසල සිට යමක් බන්ධනාගාරයේ ඊ අංශයට විසිකරනු සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් ව තිබී ඇති අතර පසුව කළ සෝදිසි යෙදී මෙම මත් ද්‍රව්‍ය සහිත පාර්සලය අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය .
අත්අඩංගුවට ගත් පාර්සලය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදිමට කටයුතු කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.