බන්ධනාගාර ගැටුමින් රෝහලට ගෙන තුවාලකරුවන් ගණන ඉහළට


(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

මිගමුව බන්ධනාගාරය තුළ අද දින සිදුවු ඇති ගැටුමින් තුවාල ලැබූ 20 දෙනකු පමණ මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරින් ද සිටින බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් දෙපාරිසක් අතර ඊයේ දහවල් ඇති වූ ගැටුමින් ඊයේ දින රැඳවියන් දෙදෙනකු මියගොස් තවත් 33 දෙනෙක් තුවාල ලද.

අප පෙරවරුව වන විට තත්වය පාලනය කළ ද යළි ගැටුම් හට ගෙන ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.