(නිශාන්ත කුමාර)
බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය දෙමෝදර හංදියට නුදුරු ප්‍රදේශයේදී ගිලාබැසීම හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක කොටසක් වසා දමා තිබේ.
ඒ අනුව, මාර්ගයේ මීටර් 50 ක පමණ කොටසක් වසාදැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
මාර්ගය ගිලා බැසීමට ලක් වූ ස්ථානයේ ඇති පැති බැම්මේ ද පිපුරුම් කීපයක් දක්නට ඇති අතර, එම ස්ථානයේ පිහිටි වේල්ලේ අඩි 10 ක පමණ කොටසක් පහළින් පිහිටි බදුලුඔය දක්වා නාය ගොස් තිබේ.
මීට තාවකාලික විසඳුමක් ලෙස වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගෙන ඇත.
එසේ වුවත් මෙම ස්ථානය සහ ඊට ආසන්නව පිහිටි පැති බැම්ම ඉක්මණින් අලුත්වැඩියා නොකළහොත් ඉදිරියේදී මෙම ස්ථානයේ විශාල නායයෑමක් සිදු වී ඇතැම්විට මාර්ගය දින ගණනාවක් වසා දමන්නට සිදුවිය හැකි යැයි ප්‍රදේශවාසීහු අනතුරු අඟවති.




