බදියුදීන්ට-හිස්බුල්ලාට-සාලිට විරුද්ධව පැමිණිලි 4 ක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,ආණ්ඩුකාරවරුන් වන ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා හා අසාද් සාලි යන මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කරන පැමිණිලි කමිටුවට මේ වන විට පැමිණිලි හතරක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඉකුත් හතර වැනිදින පිහිටවනු ලැබූ මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන්  සමන්විතය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පැමිණිලි තුනක් මල්ලව ආරච්චිගේ අසේල සම්පත් , නීතිඥ ඉන්දසිරි සේනාරත්න සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සිදුකර ඇතැයි ද ඊට අමතරව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව අජිත් ප්‍රසන්න යන අය විසින් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කමිටුව විසින් එම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් ඔවුන් තිදෙනාට විරුද්ධව පැමිණිලි කරන්නේනම් ලබන 12 වැනි දින දක්වා පැමිණිලි කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.