බඩඉරිඟු වලට උපරිම සිල්ලර මිලක්


(රංජන් කස්තුරි)

රජය බඩඉරිඟු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව බඩඉරිඟු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 55 ක් ලෙස මිල නියම කර ඇත.

කිසිදු නිෂ්පාදකයකු ආනයනකරුවකු,බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු එම මිලට වැඩියෙන් බඩඉරිඟු අලෙවි නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.