බටුවත්තේ දරුවෝ ඔන්ලයින් ඉල්ලා හඬා වැටෙති


(ශාන්ත රත්නායක)

ගුරු ගැටළුව විසදා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම බටුවත්තේ දරුවෝ පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මත යළි පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් එම දරු දැරියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. 

ඉගෙන ගන්න  ඩේටා නොමිලේ ලබාදෙන්න,ගුරු ගැටළුව විසඳා ඔන්ලයින් ආරම්භ කරන්නැයි එම දරුවෝ ඉල්ලා සිටියහ.