පෞද්ගලික සරසවි අධීක්ෂණ කිරීමේ සූදානමක්


(යොහාන් භාසුර)

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.  

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සහ පසුගිය සතියේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා එසේ කීය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අධීක්ෂණයක් නොමැතිකම ප්‍රමිතීන් පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 27 කට අමතරව නිරීක්ෂණය කිරීමට නියමිත විශ්වවිද්‍යාල ද වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාල විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බවට ප්‍රචාරය කර ඇති නමුත් නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් නොමැති බව කී අමාත්‍යවරයා ඔවුන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලය ප්‍රපාද කොමිසමේ ලියාපදිංචි වියයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලියාපදිංචියකින් තොරව මෙවැනි ව්‍යාපාර සිදුකිරීම පවතින රෙගුලාසි කඩකිරීමක් බැවින් ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන ආයතන සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව අමාත්‍යාංශය සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව කී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ ලියාපදිංචිය සහ අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා පවතින නීති භාවිතා කළ හැකි බවත්ය.

අධීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් ලෙස ආචාර්යවරු, අධ්‍යයන සුදුසුකම්, පිරිනමනු ලබන පාඨමාලාවල ගුණාත්මකභාවය සහ යටිතල පහසුකම් පිළිබඳව සොයාබැලීමට නියමිත බවත් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් ආයතනවල ක්‍රියාකාරිත්වය අත්හිටුවිය හැකි බවත් අ’ධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.