පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී


(සමන් පාලිත නානායක්කාර )

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ සියලු බස්රථ ධාවනයෙන්  ඉවත් වී ඇති බව බණ්ඩාරවල ඩිපෝව පැවසීය. 

ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර දෙනකු බණ්ඩාරවෙල දිසාරෝහලට ප්‍රතිකාර  සඳහා ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය. 

ලංගම බස් රථ සේවකයින් දෙදෙනා සහ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා මෙලෙස රෝහල් ගත කර තිබේ.  මේ හේතුවෙන් මගීහු   දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.