(යොහාන් භාසුර)
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට නියමිත පරිදි ඉන්ධන නොලැබෙන බවට පෞද්ගලික බස් රථ සංගම් නියෝජිතයෝ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (28) පැමිණිළි කළහ.
ප්‍රවාහන අමාත්‍යංශයේදී අද පැවැති විශේෂ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථවලට අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස බස් රථ හිමියෝ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
එහිදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා දුරකථනයෙන් අමතා ඒ පිළිබඳව දැනුවත් කළේය.