(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
පානදුර මෝදරවිල ක්‍රීඩාංගනයේ ලාෆ් ගෑස් බෙදාහරිමින් සිටියදී පොලිසියේ කැබ් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ගෑස් සිලින්ඩර තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස සිය විරෝධය දැක්වීම නිසා හිස් ඇතින් ඔවුහු ආපසු ගියහ.
මාස තුනකට පසු පානදුර ප්‍රදේශයට ලාෆ් ගෑස් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව දහසකට ආසන්න ජනතාවක් සිය හිස් ගෑස් සිලින්ඩරය ද රැගෙන අලුයම සිට ගිනි අව්වේ පෝලිම් ගැසී සිටියහ.
ගෑස් සිලින්ඩර් බෙදීම ආරම්භ කිරීමත් සමගම කැබ් රථය එම ස්ථානයට පැමිණ ඔවුන් රැගෙන ආ හිස් සිලින්ඩර කැබ් රථයෙන් බිමට බෑමට සූදානම් වීමේදී එම ස්ථානයට කඩා වැදුණු සියයකට ආසන්න පිරිසක් එහි සිටි පොලිස් නිලධාරියාට සිය විරෝධය දැක්වූහ
අනතුරුව එම කැබ් රථය එම ස්ථානයෙන් ඉවත්ව යාමේදී එහි සිටි පිරිස හූ හඩින් ද සිය විරෝධය දැක්වූහ