(නාලක සංජීව දහනායක)
ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහභාගී නොවීමට මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (7) පැවැසීය.
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් එම සමුළුවට සහභාගී නොවිය යුතු බවට මහලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා පක්‍ෂයේ ප‍්‍රබලයන් යෝජනා කළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරෝධය පෑමක් නොවන බව ද ශාන්ත බණ්ඩාර මහතා කීය.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නොවන්නේ ද යන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කී ශාන්ත බණ්ඩාර මහතා වත්මන් ජනාධිපතිවරයාම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලියේ පක්‍ෂය තවදුරටත් රැඳී සිටින බව ද ඔහු සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (7) කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි.

