IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ද පෝෂණ දරුවන්ට යුනිසෙෆ් ලොකු තෑග්ගක් දෙයි

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාර දුන්නේය.

මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන්ගේ මන්දපෝෂණ (MAM) ගැටළු විසඳීම සඳහා සකස් කරන ලද විටමින් සහ ඛණිජ ලවණ වලින් අනූන අතිරේක ශක්තිජනක පරිපූරක ආහාරයක් ලෙස භාවිතා කිරීමට හැකියාව  ඇත.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම අතිරේක සංයුක්ත පෝෂණ ආහාර තොඟය නිල වශයෙන් බාර දෙන ලදී.

නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල සහ කිලිනොච්චි ඇතුළු අවතැන් වූ පවුල් සිටින  සහ මන්දපෝෂණයේ වැඩි අවදානමක් ඇති කුඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශ වල ප්‍රජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් දිස්ත්‍රික්ක 19 කට BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර බෙදා හැරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර යනු ශක්තිය සහ පෝෂණය වඩන ආහාරයකි. එය ධාන්‍ය සහ එළවළු ප්‍රෝටීන් මත පදනම් වන අතර, ග්‍රෑම් 500 ක පැකට්ටුවකට බාර් 9 ක් බැගින්, හදිසි අවස්ථා වලදී භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කර ඇති බවට මෙහිදී හදුන්වාදෙනු ලැබීය.

එමෙන්ම අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත්, එය සෘජුවම හෝ කැඳ ලෙසද අනුභව කළ හැකි ආහාරයක් බවද  මෙය ආපදා අවස්ථාවන්හිදී  හදිසි බෙදා හැරීම සඳහා ඉතා හොඳින් ගැළපෙන අමතර ආහාරයක් බවද මෙහිදී සඳහන් විය.



අදහස් (0)

මන්ද පෝෂණ දරුවන්ට යුනිසෙෆ් ලොකු තෑග්ගක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 475 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1048 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site