(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ඉමදුව ප‍්‍රාදේශීය සභාව අද (14) රැස්වූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක් කඩුවක් ඇතැතිව සභාව ඇමතීමට උත්සාහ කළ අතර එයට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරියන් තිදෙනා සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී ටී.ජී.අරුණ මහතා දැඩි විරෝධය දැක්වීමෙන් සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.
මෙහිදි රේනුකා සංජීවනී මන්ත‍්‍රීවරිය ප‍්‍රකාශ කර සිටියේ තමාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කඩුව රැගෙන පැමිණි බවයි.
මේ අවස්ථාවේ සභාවේ සිටි සියලුම පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විවිධ අදහස් පළකරමින් ඝෝෂා කිරීම හේතුවෙන් විශාල ගාලගෝට්ටියක් සභාව තුළ ඇතිවිය.


