
(නිමල් ජයරත්න )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව නිවසේදී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව ගංජා තිබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා12 දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථානාධිපති ගයාන් බුද්ධික මහතා අප කළ විමසීමකදී පැවසීය.

