(නිමන්ති රණසිංහ)
මහජන පීඩා ඇතිවන ආකාරයෙන් කොළඹ කේම්බ්‍රිජ් පෙදෙස ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂ කැකුලාවල මහතා අද 26 ප්‍රතික්ෂේප කළේය.
සාමකාමී විරෝධතා ව්‍යාපාර වැළැක්වීම සඳහා අධිකරණය නියෝග නිකුත් නොකරන බවත්, කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මහජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයේ උද්ඝෝෂණ වැලැක්වීමටත් පොලිසියට බලතල ඇතැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.