පොලිසිය තුළ ගිනි අවිය ක්‍රියාත්මක වී පී.සී තුවාල ලබයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

එරාවුර් පොලිස් ස්ථානය තුළදී අද අළුයම්  කොස්තාපල්වරයකුගේ අතේ තිබූ රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයකුට තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වෙඩි වැදුණු පොලිස් කොස්තාපල්වරයා මුලින්ම එරාවූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරය අවසන් කර  පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

පොලිස් කණ්ඩායම භාරව ගිය සැරයන්වරයා රැගෙන ගිය රිවෝල්වර අවියේ ඇති ජීව උන්ඩ ඉවත්කර එය රාජකාරියේ නිරතව සිටින සිටි උප සේවක පොලිස් නිලධාරියාට බාර දෙන ලෙස එම කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල්වරයකුට පවසා ඇතැයි පොලිසිය කියයි.