(තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 21 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරු ලබා දී තිබේ.
එලෙස ස්ථාන මාරු කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.
- එච්.එස්.එම්. කල්දේරා - ස්ථානාධිපති පේරාදෙණිය සිට මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව දකුණු පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත
- පී.බී.එන්.සී. බස්නායක - මූ.පො.ප නුවරඑලිය සිට ස්ථානාධිපති පේරාදෙණිය
- සී.පී.කේ. විජේසේකර - ස්ථානාධිපති මහියංගනය සිට මූ.පො.ප නුවරඑලිය
- එස්.ජී.ඒ.ආර්.එල්. සේනාධීර - කෑගල්ල කොට්ඨාශය සිට ස්ථානාධිපති මහියංගනය
- එම්.ආර්.එම්.එස්. ක්‍රිෂාන්ත - අම්පාර කොට්ඨාශය සිට ස්ථානාධිපති පලෙයි
- එන්.ඩී. හෙට්ටිආරච්චි - ස්ථානාධිපති වේල්ලවීදිය සිට ස්ථානාධිපති වලපනේ
- ඩී.එම්.එල්.කේ.බී. සිලෝගම - ස්ථානාධිපති හම්බෙගමුව සිට ස්ථානාධිපති වේල්ලවීදිය
- ආර්.එම්.ආර්.එස්. රාජපක්ෂ - හලාවත කොට්ඨාශය සිට ස්ථානාධිපති හම්බෙගමුව
- කේ.කේ.පී. උදය කුමාර - යාපනය කොට්ඨාශය සිට ස්ථානාධිපති හබරාදූව
- ජේ.ඒ. සිරිසේන - මූ.පො.ප නිකවැරටිය සිට කුරුණෑගල කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
- ආර්.බී.යූ. රත්නමලල - ස්ථානාධිපති ආණමඩුව සිට මූ.පො.ප නිකවැරටිය
- ඩී.පී. කුමාර - මහනුවර කොට්ඨාශය සිට ස්ථානාධිපති ආණමඩුව
- එල්.පී.ඩී.එස්. පෙරේරා - වැඩ බලන ස්ථානාධිපති අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශය සිට ස්ථානාධිපති අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශය
- ඩී.එම්.අයි.කේ. දිසානායක - මහනුවර කොට්ඨාශය සිට ස්ථානාධිපති මුතූර්
- බී.එන්. ඒකනායක - ස්ථානාධිපති මාලිගාවත්ත සිට ස්ථානාධිපති ඌව පරණගම
- කේ.එන්. සිරිමෙවන් - ස්ථානාධිපති තන්තිරිමලේ සිට ස්ථානාධිපති මාලිගාවත්ත
- ඒ.එන්.ටී. ප්‍රනාන්දු - ස්ථානාධිපති ගලේවෙල සිට ස්ථානාධිපති තන්තිරිමලේ
- ඩබ්.ඒ.ආර්. පෙරේරා - අම්පාර කොට්ඨාශය සිට ස්ථානාධිපති ගලේවෙල
- ටී.එම්.යූ.බී. තෙන්නකෝන් - ස්ථානාධිපති බලංගොඩ සිට කොළඹ කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
- එම්.එස්.ඩබ්. ලියනගේ - වැඩ බලන ස්ථානාධිපති කොටුව සිට ස්ථානාධිපති කොටුව
- යූ.පී.එස්. ප්‍රියන්ත - මීගමුව කොට්ඨාසයේ සිට ස්ථානාධිපති දිවුලපිටිය

