
(තුසිත කුමාර ද සිල්වා)
ගාල්ල පොලිසියේ බසයකින් ඉන්ධන ඇද්ද පොලිස් බස් රථයේ රියදුරු කොස්තාපල්වරයා ඩීසල් ඉන්ධන ලීටර් 11 ක් සමග අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජකාරී කටයුතු සඳහා පොලිසියේ පිරිසක් කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් බස්සවා ආපසු එන අතර තුර රියදුරු කොස්තාපල්වරයා මෙලෙස මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයට නුදුරින් පෞද්ගලික ස්ථානයකට බස් රථය ගාල් කර ටැංකියේ තිබූ ඩීසල් ඉවත්කර මුදලට විකිණීමේ අරමුණෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකාර පොලිස්කොස්තාපල්වරයා හබරාදුව පොලිස් වසමේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
රජයේ දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

