පොලිස් නිලධාරියකුට අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට


(ඞී.කේ.රත්න )

 
මොණරාගල මහධිකරණ භූමියේදී පොලිස් නිළධාරියෙකුට රුපියල්  100,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අද (7)  අල්ලස් හෝ දුෂණ විමර්ශන  කොමිසම මගින් එම ස්ථානයේදීම අත්අඩංගුව ගෙන තිබේ.
 
වැල්ලවාය බුදුරුවාගල ඌව මහතැන්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අල්ලස් ලබා දෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.
 
මොණරාගල මහධිකරණයේ විභාග වන වැල්ලවාය පොලීසිය මගින් ඉදිරිපත් කළ කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවක විත්තිකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම නඩුවට අදාල ඞී.එන්.ඒ.පරීක්ෂණ වාර්තාවක් වෙනස් කරන ලෙස ඉල්ලා වැල්ලවාය පොලීසියෙන් මහධිකරණයේ නඩුවලට පෙනීසිටීමට පැමිණෙන පොලිස් නිළධාරියෙකුට මෙසේ අල්ලස් ලබාදීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම පුද්ගලයා විසින් පොලිස් නිලධාරියාට අල්ලස් ලබාදීමට සැලසුම් කිරීමේදී පොලිස් නිළධාරියා විසින් ඒ බව  අල්ලස් හෝ දුෂණ විමර්ශණ මර්දන කොමිසමට දැන්වීමෙන් පසු එම නිළධාරීන් මහධිකරණ භූමියේ රැක සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.