පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ්


(නිශාන්ත කුමාර)

සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ මස 22 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්යෙන් මීට පෙර තවත් සැකකරුවන් අට දෙනෙකු රිදීමාලියද්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය දිනෙක සිය සේවය නිමාවී නිවස බලා යමින් සිටි තමුන්ට මහ මාර්ගයේ බීමත්ව සිටි මෙම පිරිස විවිධ අඩන්තේට්ටම් සිදුකර බලහත්කාරකම් සිදුකිරීමට තැත්කළ බව අදාල පොලිස් නිලධාරිනිය විසින් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.