
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කිසිදු අයුරකින් මාධ්‍යයට තොරතුරු වසන් කරන්නේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මාධ්‍යයට තොරතුරු දෙන්න එපායැයි පොලිස් චක්‍රලේඛනයක් නිකුත් කළ බවට චෝදනාවක් නැගුනා.මාධ්‍යයට තොරතුරු දෙන යම් යම් සීමාවන් තියෙනවා.අප මේ චක්‍රලේඛයෙන් පවසා තියෙන්නේ විමර්ශනයට බාධා වන ආකාරයෙන් තොරතුරු දෙන්න එපා කියන කාරණය පමණයි.
වැලිගම සභාපතිවරයා ඝාතන අවස්ථාවේ සමාජ මාධ්‍යයට නිකුත් කෙරුණු රූප රාමූ පෙළක් පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා ඒ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.එක සාමාන්‍ය චක්‍රලේඛයක් .ඊට පෙරත් චක්‍රලේඛ තුනක් නිකුත් කර තිබෙනවා.අනාගතයේදීත් එවැනි චක්‍රලේඛ නිකුත් වෙනවා.
එයින් සිදු කරන්නේ මාධ්‍යයට තොරතුරු වසන් කිරීම නොවේ.විමර්ශන වලට බාධා වන අයුරින් තොරතුරු එළියට දීම තහනම් යන කාරණය පමණක් සඳහන් කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

