පොලිස් කොස්තපල් කොරෝනාවෙන් මරුට


(නිමන්ති රණසිංහ)

කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පයාගල පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මියගිය 12 වැනි පොලිස් සාමාජිකයා මොහුය.

පනස් හතර හැවිරිදි වියේ පසුවූ මෙම පොලිස් කොස්තාපල්වරයා කොවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු කොවිඞ් මර්දන එන්නත් දෙකම ලබාගත් අයකු බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.