පොල්දූවේ විරෝධයේදී කඳුළු ගෑස් 429ක් පැහැරගෙන


(ඉන්දිකා රාමනායක)

පොල්දූව වටරවුම දෙසින් වූ පාර්ලිමේන්තු පිවිසුමේ ඉකුත් 13 දින රාතුියේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස් එහි පොලිසිය සතුව තිබී කදුළු ගෑස් හා කඳුළු ගෑස් බෝම්බ 429 ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි .

මින් 340 ක් කදුළු ගෑස් උණ්ඩ බවත් , 89 කඳුළු ගෑස් බෝම්බ බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි . 

විරෝධතාකරුවන් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 340 , උණ්ඩ 50 ප්‍රමාණයක් ගිය දා වැලිකඩ පොලිසිය බොරැල්ල ගෝතමී පාරේ නිවසක සඟවා තිබියදී සොයාගත්තේය.

දැනට අස්ථානගතව ඇති උණ්ඩ සහ කඳුළු ගෑස් බෝම්බ සොයා පොලිස් කණ්ඩායම් විමර්ශන ආරම්භ කර ඇත .