පොතුහැර දුම්රිය හරස් පාරක අලුත් වැඩියාවට මහ පාර වහයි


(අංජුල මහික වීරරත්න)

පොතුහැර -කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයෙහි පිහිටි දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් කිරීමට සිදුවී ඇති බැවින් 31 දා සිට අගෝස්තු  3 වැනිදා තෙක් අදාල ස්ථානයේ මහා මාර්ගය වරින් වර වාහන ගමනාගමයට වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී ජයසුන්දර මහතා පවසයි.

31 සහ අගෝස්තු 1  දින වලදී පෙරවරු  9 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද නැවත අගෝස්තු 2 පෙරවරු  9 සිට පසුදින(3) පෙරවරු 6 දක්වා සම්පූර්ණ වශයෙන්ද  අගෝස්තු 3 දින පෙරවරු 9 සිට එදින පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන්ද මහා මාර්ගය වාහන ගමනාගමනයට වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

මෙම කාල සීමාවන් වල ඇති විය හැකි රථවාහන තදබදය මග හරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා සිටී.