
පේරාදේණිය ශික්ෂණ රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය සොයා බලා ඊට ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් සොයාබලන්නැයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.
පේරාදේණිය ශික්ෂණ රෝහලේ කලින් සැලසුම් කරන ලද ශල්‍යකර්ම ඖෂධ හිඟයක් හේතුවෙන් අත්හිටුවීමට සිදුව ඇතැයි ට්විටර් ඔස්සේ ප්‍රවෘත්තියක් පළ වී තිබිණි.
ට්විටර් සමාජ ජාලය තුළින් ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට එලෙස උපදෙස් දී තිබේ.
මෙම පුවත ඇසීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත් මේ සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් සොයා බලන්නැයි මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන් බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. .
දැනට ඇති අවශ්‍යතා මොනවාදැයි දැනගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතාව සම්බන්ධ කරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඖෂධ හිඟයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කලින් සැලසුම් කරන ලද ශල්‍යකර්ම කිහිපයක් අත්හිටුවීමට සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා ඊට සහාය දිය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයාට උපදෙස් දී තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මහාචාර්ය එම්.ඩී. ළමාවංශ සම්බන්ධ කරගෙන කලින් සැලසුම් කරන ලද ශල්‍යකර්ම සහ අනෙකුත් එදිනෙදා කටයුතු කරගෙන අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් විමසා ඇත.
(055)

