(තරංග ගුණරත්න)
වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබිණි.
වැලිගම නගරයේ අයි,ඕ, සී ඉන්ධන පිරහුම්හල වෙත ඉන්ධන තොග ලැබෙන බවට ලද තොරතුරු මත යතුරු පැදි ත්‍රිරෝද රථ සහ තවත් රථ වාහන විශාල ප්‍රමාණයක් දිගු පෝලිම් වල රැඳී සිටියහ .
අද උදෑසන අටයි තිහට පමණ ඩීසල් රැගත් බවුසරයක් පැමිණ තිබූ අතර මෙහිදී පෙට්ටල් ලබා ගැනීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි රියැදුරන් පිරිසක් විසින් පෙට්‍රල් ලැබෙනතුරු එම ඩීසල් බවුසරය ගොඩ බෑම සඳහා ඉඩ ලබා නොදීමටත් එම ස්ථානයේ මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව එම ඩීසල් බවුසරය පොලිස් භාරයට ගෙන දැඩි ආරක්ෂිතව තබා ගැනීමට පොලිසිය කටයුතු කළේය.