පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට


(ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)

පුපුරණ ද්‍රව්‍ය සවිකළ  වාහන 20 ක් දකුණේ සිට  උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී  ඇති හෙයින් උතුරට  ඇතුළුවන සහ පිටවන සියලු වාහන  දැඩි පරීක්ෂාවකට ලක්කරන බව  හමුදාව පවසයි.

මෙම වාහන බොහොමයක්  පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කර මියගිය ත‍්‍රස්තවාදියකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව උසස් හමුදා නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම වාහන අතර  යතුරු පැදි 12 ක්, වෑන් රථය දෙකක්,  කැබ් රථය දෙකක්,  ති‍්‍රරෝද රථයක්,  ඩිමෝ බට්ටා ලොරියක්, මෝටර් රථ දෙකක්  ඇතුළත් බව  එම හමුදා නිලධාරියා කීය.

බුද්ධි අංශ තොරතුරු අනුව  මෙම වාහන අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මාර්ග බාධක 4ක්  ස්ථාපිත කර ඇති බවද  එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.

වව්නියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ,  ඉරට්ටපෙරියකුලම් යන ප‍්‍රදේශවල මෙම මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදාව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකසහිත වාහන 20 අංක සහිත දැන්වීම් මහජනයාට දැන ගැනීම පිණිස  ඇතැම්  මාර්ගවල  ප‍්‍රදර්ශනය කර ඇති බවද ආරක්ෂක අංශ කියයි.

 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)