( එච්. චන්දන )
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය සිදුවෙමින් සිටින පිරිසගේ ජෛව පටල සාම්පල ලබා ගැනීමඅද (18) දින පුත්තලම මූලික රෝහල් කාර්ය මණ්ඩලය මගින් සිදු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.
කොරෝනා ආසාදිතයින් සමීපයෙන් ඇසුරු කළ අය බවට තහවුරු කරගෙන මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ රදවා සිටි 82 දෙදෙනෙකුගෙන් 40ක පමණ පිරිසකගේ ජෛව පටල සාම්පල පරික්ෂාව සිදු කර තිබේ.
පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
පුත්තලම මූලික රොහල් වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ හෙදි හෙදියන් ඇතුළු නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරුණි.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින්ගේද සහයස මේ කාර්ය සදහා ලැබිණි.

