පුත්තලමට ගංජා ඇද්ද නාවුක බුද්ධි නිලධාරීහු දැලේ


 (එච්. චන්දන )

කේරළ ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු සැක පිට අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස  විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

එම ඒකකයට ලැබුණු තොරතුරක් මත  අද (21) දා දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.

නාවුක හමුදාවට අයත් යතුරු පැදියකින් කුඩා ගමන් මල්ලක බහා ගංජා ග්‍රෑම් 650 ක් ප්‍රවාහණය කරමින් සිටියදී මෙම නාවික  නිලධාරින් දෙදෙනා මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.  

පොලීසිය සිදු කරණ ලද වැඩි දුර විමර්ශනවලදී මෙම නාවුක නිලධාරින් දෙදෙනා පුත්තලම තම්භපන්ණී නාවික හමුදා කදවුරට අනුයුක්ත සිවිල් රාජකාරී සිදු කරන බුද්ධි අංශ නිලධාරින් බවට පොලිසිය විසින් හදුනාගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය නාවික නිලධාරින්ට ලැබුණේ කෙසේද , මෙය කා හට ලබා දීමට ප්‍රවාහණය කලේද යන්න වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශණවලින් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා පුත්තලම පොලීසයට භාර දීමට නියමිතව ඇති අතර පසුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පි.එස්.ජයමහ , පුත්තලම සහකාර පොලිස් අධිකාරී ඔ.පි අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත උපදෙස් මත පුත්තලම කොට්ඨාශ  විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ස්ථානාධිපති  පො:ප: එල්.පි.එස් . පතිරණ , පො:සැ: සෙනවිරත්න (35007) , බණ්ඩාරනායක (41327) , පො:කො: වන්නිනායක (86158) , අජිත් (69102) , රාජකරුණා (87225) යන නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.