හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුල්වන හා පිටවන සියලුම වාහන ස්ථාන දෙකකදී විෂබිජහරණය කිරිමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව අද (17 ) ආරම්භ කර තිබේ.
මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුළු වන වාහන හා පිටවන වාහන මහවැව නගරයේදීත් නාත්තන්ඩිය නගරයන්හිදිත් සම්පුර්ණයෙන් විෂබිජහරණය කිරිම අරඹා තිබේ .
මේ අනුව ඇතුළුවන හා පිටවන සියලුම වාහන වලට අමතර එම වාහනවල ගමන් ගන්නා සියලුම දෙනා මෙම ස්ථාන දෙකහි විෂබිජහරණය කිරිමෙන් පසුව ගමන් කිරිමට ඉඩ සලසා තිබේ .
කොවිඩ් 19 ( කොරෝනා ) වසංගතය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව නොමිලේ මෙම ප්‍රජා සත්කාරය ආරම්භ කර ඇති බව කියයි.






