පුත්තලම දුම්රිය හරස් පාරේ මරු කපොල්ලක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ  එච්.  චන්දන )

පුත්තලම පැරණි  ළය රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය යතුරු පැදි කරුවන්ට මෙන්ම  පා පැදි කරුවන්ට මාරකයක් වි ඇති බව කියයි.

මෙම දුම්රිය මාර්ගයේ පිලී ප්‍රධාන මාර්ගයෙන් උඩට මතුවි තිබිමත් පිලී සමාන්තරව නොමැති විමත් හේතුවෙන් වැසි දිනවලදි අනතුරු සිදුවන ආකාරය දැක ගත හැකිය .

මාර්ගයේ ගමන් කරනු ලබන  යතුරු පැදි කරුවන් හා පාපැදි කරුවන් මෙම තත්වය නොදැන මෙම දුම්රිය මාර්ගය මතින් ගමන් කරන විට එකවර ලිස්සා ගොස් ඇද වැටි බරපතල තුවාල සිදුවන අවස්ථා සිය ගණනක් වාර්තා වි මේ සදහා දුම්රිය බළධාරින් හා මහා මාර්ග බළධාරින්ද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම හේතුවෙන් යතුරු පැදිකරුවෝ හා පාපැදි කරුවවෝ අසරණ වී සිටිති .

ජිවිත අවදානම තිබෙන මෙම ස්ථානයේදී ජීවිතයක්  බිලි ගැනිමට පෙර ඒ සදහා අදාල පිළියම් යොදන ලෙස ජනතාව දුම්රිය හා මහා මාර්ග බළධාරින්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබදව අදහස් දැක්වු මොහොමඩ් රිස්වාන් මහතා මෙසේ පැවසීය.

“ මෙය හරිම බරපතලයි. පොඩි වැස්සක් හරි දුම්රිය පිළිවලට තෙල් වැටුනොත් හරි යතුරු පැදි පාපැදි ලිස්සා යනවා අතපය ලෙලි ගහ ගන්නවා .ඒ විතරක් නෙවෙයි .

බයික් ඇදගෙන වැටෙද්දි පිටිපස්සේ වාහනයක් හයියෙන් ආවොත් එකට මේ අය යට වෙලා මැරෙනවා . මේ නිසා අදාල නිලධාරීන් ඉක්මන් කරලා පිළියම් කරන්න කියලා තමයි මම ඉල්ලිම් කරන්නේ .

මේ පිළිබඳව අදහස් දැක්වු යතුරුපැදිකරුවකු වන කේ.එම් .කාර් මිල් මහතා මෙසේ පැවසිය.

“මේක දැන් කාලයක ඉදලා සිදුවනවා කිසිම කෙනෙක් සොයා බලන්නේ නැහැ පුදුම ප්‍රශ්ණයක් අපි අනන්ත මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා .

හුඟ දෙනෙකු වැටිලා බරපතල තුවාල සිදුවුන අවස්ථා එමටයි.ඒ වාගේම යතුරු පැදි වලටත් හානි වෙනවා . මේ දුම්රිය මාර් ගය පිලි ඉස්සිලා මාර් ගයේ කාපට් යටට ගිහින් ඒ නිසා තමයි ලෙස්සා යන්නේ.

මේ පිළිබඳව කළ විමසිමේදි මෙම දුම්රිය මාර්ගයේ ස්ථීර මාර්ග පරික්ෂක නාලින්ද පෙරේරා මහතා පවසා සිටියේ.

“ මම පසුගිය මාර් තු මාසයේ වැඩ භාර ගත්තේ මේ සිද්ධිය අපිට කලින් වාර්තා වි තිබුණේ නැහැ.

නමුත් මේ වන විට වාර්තා විමත් සමඟ ඒ සදහා කළ යුත්තේ කුමක්ද කියලා සොයා බලන්න පුත්තලම මහා මාර්ග සංවර්ධන ඉංජීනේරුවරයා හමුවෙන්න එනවා. ‘

පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජීනේරු එම්.ජේ .අරුල්දාසන් මහතාගෙන් කල විමසිමේදි මෙසේ පැවසීය.

“ මේ ගැන සොයන්න තාක්ෂණික නිළධාරින්ව මම යැව්වා එහිදි රේල් පිල වල හා මාර්ගයේ පවතින ගැටළුවක් බලපා තිබෙන බව දැන්නුවා .

නමුත් මෙය අපිට කරන්න බැහැ මොකද දුම්රිය දෙපාර්තුමේන්තුව එක් විය යුතුයි.එය සකස් කරන්න .  එවිට අපේ සහයෝගය ලබා දිම අනිවර්යෙන්  කරනවා.  යැයි ඔහු පවසයි.

( ඡායාරූප - හිරාන් ප්‍රියංකර ) 

 (ඡායාරූප -එච් චන්දන)