(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් ගමන්ගන්නා පුත්තලම පැරණි මන්නාරම මාර්ගය නැවත දැනුම් දෙන තුරු එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසළින් වසා දමා ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය.
කලාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ක්‍රොස්වේ සපත්තු පාලම අගල් 26කට ආසන්න ජල මට්ටමකින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙම මාර්ගය වසා දැමීමට පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.
ජල මට්ටම අඩු වී ගියද එහි ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් බව මාර්ගයේ අධික මඩ තත්ත්වය නිසා වාහන ගමන් කිරීමේ අපහසුතා පවතින බවද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.