
(යොහාන් භාසුර)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට වාරිමාර්ග අමාත්‍යංශයේදී භාරදුන්නේය.
මෙම ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත ලබන නොවැම්බර් මස 8 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කාලෝචිත යෝජනාව පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබාදීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එකඟ වී තිබේ.
88-89 තරුණ අරගලය මුල් කර එවකට රජය විසින් පත් කරන ලද ”තරුණ අසහනය පිළිබඳ වූ කොමිෂන් සභාවේ” නිර්දේශ පරිදි වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් හට දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වීමට අවස්ථාව සලසා දෙමින්, පළාත් පාලන ආඥා පනත නිර්මාණය කර එමගින් ඡන්ද අපේක්ෂිත ලැයිස්තුවලින් සියයට 25 ක් සඳහා තරුණ තරුණියන් වෙත නාම යෝජනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබිණ.
90-91 වසරේ සිට එය ක්‍රියාවට නැංවූ නමුත්, 2017 වසරේදී පළාත් පාලන සංශෝධිත කෙටුම්පත මගින් එම සියයට 25 ක් සඳහා වූ නාම යෝජනා හිමි වරප්‍රසාදය අහිමි විය.

