පිළියන්දල මාර්ග බාධකයේදී පොලිසියට සද්දේ දැමූ පිරිස අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇඳිරි නිතීය උල්ලංඝනය කරමින් පැමිණ  පිළියන්දල බෝකුන්දර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද (26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි

කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථය මාර්ග බාධකයේ දී නවතා ඇදිරි  නීති බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන් දැන්වූ අවස්ථාවේදී  සැකකාර පුද්ගලයා ආවේගශීලී ලෙස හැසිරී මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැන වැදී සෙසු කාන්තාවන් දෙදෙනා සමඟ මෝටර් රථයේ නැගී පලා ගොස් තිබිණි.

මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පදිංචි බොරැල්ල සීවලීපුර ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි .

සැකකරු හා සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.