පිහි ඇනුමකින් තරුණයෙක් මරුට


(අමදෝරු  අමරජීව )

ඇලස්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති සැණකෙළි සාදයක් අවසන් වී අද (03) ආපසු එමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් තරුණයකු පිහි ඇනුමකින් මියගිය බව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය කියයි .

මෙසේ ඝාතනය කර ඇත්තේ ත්‍රිකුණාමලය, ක්‍රිෂ්ණා පටුමගේ පදිංචි ටී. එච්.විනෝත් (33) නමැති තරුණයාය.

සාදය පැවති හෝටලය තුළ ඇතිවූ මත ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි .මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මියගිය තරුණයා හා පහර දුන් අය අතර පැවති පැරණි කෝන්තරයක් මෙම ගැටුමට මූලික වී තිබේ.  පිහි පහර කා බිම ඇද වැටුණු මිය ගිය අයගේ හිසට ගලකින් ගසා ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ.