(ඩී.ජි.සුගතපාල)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිමට යාමේදි ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පිහියකින් පහරදි ඇති අතර එහිදී මිටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සුලු තුවාල ලබා ඇතැයිද පොලිසිය පවසයි
පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ හික්කඩුව කලුපේ පදිංචි 64හැවිරිදි අවිවාහක ගොලු පුද්ගලයෙකි.
පිහි ඇනුම සිදු කරන ලද සැකකරු මානසික ආාධයකින් පෙලෙන අවිවාහක පුද්ගලයෙකු වන අතර පිහි ඇනුමට හේතුව අනාවරණයවි නොමැත.සිද්ධියෙන් පසු සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු විසින් එම පිහියෙන්ම පහරදිම නිසා මිටියගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදයකුමාර මහතාගේ අතකටද සුලු තුවාල සිදුව ඇත.