බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
උගුර කැසීම ඇතුළු රෝග ලක්ෂණ කීපයක් පහළ වීමෙන් අනතුරුව ඒ මහතා එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්ම සිදු කළ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි