සම්මානලාභී පිලිපීන මාධ්‍යවේදීනියක වන මාරිසා රෙසා මහත්මිය ඇප මත මුදා හැරිමට එරට අධිකරණය අද (14) නියම කළේය.
ඩොලර් 1900 ක ඇපයක් මත ඇය මෙලෙස මුදා හැරිණි.
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට් මහතාව විචේචනයට ලක් කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව ජාතික විමර්ශන කාර්යාංශයේ සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් ඇය ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය.
55 හැවිරිදි වියේ පසුවන මාරිසා රෙසා මහත්මිය පිලිපිනයේ රැප්ලර් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරනු ලබන්නීය.
ඇය ජාතික විමර්ශන කාර්යාංශයේ රැඳවුම් බාරයේ සිට පසුව ඇප මත මුදා හැරිණි.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

