පිලපිටියගේ පෙත්සමට කරුණු කියන්න වැඩබලන පොලිස්පතිට නොතීසි


( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩබලන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතිසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය අද (19) පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

එසේම එම පෙත්සම හෙට (20)  සළකා බැලීමටද අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම අද (19) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවු අතර එහිදී මෙම නියෝග නිකුත් කෙරිණි.