පියා දියණියට ඇසිඩ් හලලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දියණියගේ හිසට ඇසිඩ්  හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලද දියණිය ද පිලිස්සුම් තුවාල ලබා  රෝහල් ගතකර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

සැකකරු තදින්ම බීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව කියති.

මොහු නිතර බීමතින් පැමිණ දියණියට සහ පවුලේ අයට කරදර හිරිහැර කරන අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පිලිස්සුම් තුවාල ලබා සිටින විසිපස් හැවිරිදි දියණිය දෙදරු මවක් වන අතර සැකකරු 52 හැවිරිදි වියේ පසුවන අයෙකි.

සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.

එම රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.