(යොහාන් භාසුර)
පෑලියගොඩ පළතුරු වෙළෙපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබේ.
එම පරිශ්‍රය තුළ ගොඩගැසී ඇති කුණු කඳු හේතුවෙන් දැඩි දුගඳක් හමන බවත් මෙම තත්වය වෙළෙදුන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසගේම සෞඛ්‍යයට තර්ජනයක් බවත් පෑලියගොඩ තොග වෙළෙඳ පරිශ්‍රයේ නිලධාරියෙක් පැවසීය.
කොළඹ මහ නරග සභාවට කුණු රැගෙන යෑම සඳහා ටැක්ටර්වලට ඉන්ධන නොමැති වීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)