
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කදුරුගස්වැව හේනක පැල් රකිමින් සිටි පස් දරු පියකුෙ මියගොස් සිටියදී අද සොයා ගත් බව මීගස්වැව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගස්වැව ලිපිනයේ පදිංචි හේරත් බණ්ඩලාගේ ධනපාල නමැති 60 හැට හැවිරිදි පස් දරු පියෙකි.
මෙම පුද්ගලයා ඊයේ (9) පැල් රැකීමට නිවසින් පිටව ගොස් ඇති අතර පසුදින උදෑන නිවසට නෙපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී මොහුට අයත් හේනේ පැල් තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මොහුගේ මරණයට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව මීගස්වැව පොලිසය කියයි.

