පැය හතක මෙහෙයුමකින් අලියා ගොඩට


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)

කරුවලගස්වැව මිල්ලගස්වැව කුඹුරු යායේ පිහිටි වගා ළිදකට ඇද වැටි දින දෙකක් නිරාහාරව සිටි ඇතින්නක් වනජීවි නිළධාරින් හා ගම්වැසියන් එක්වි පැය හතකට ආසන්න කාලයක් වෙහෙසි ගොඩ ගැණුනි.

මීගස්වැව කුඹුරු යායේ පිහිටි අඩි 15 ක් පමන ගැඹුරු ළිං  කැට උපයෝගි කරගනිමින් බැද තිබු මෙම ළිද අනාරක්ෂිත අයුරින් තිබිම නිසා ඇතින්න මෙසේ ඇද වැටි ඇති බව වනජීවි නිළධාරින් පවසයි.

වනජීවි නිළධාරින් පවසන්නේ මෙම ඇතින්න  අවුරුදු 25 ක් පමණ  වයසක් ඇති බවත් උස අඩි 7 කට ආසන්න බවයි.

ගවයින්ට තණ කැවිමට ගිය ගවගාල් හිමිකරුවකු ඇතින්න මෙම ළිං කැට වලින් සැකසු ලිදේ සිටිනු දැක වනජීවි නිළධාරින් දැනුවත් කර ඇති බව කියයි.

එම දැනුවත් කිරීමත් සමග වනජීවි නිළධාරින්  මෙම ඇතින්න ගොඩ ගැනිමට පැමිණ තිබු අතර ගැමියන් සමග එක්වි ලිදේ කැට කඩමින් ඉවුරු පුළුල් කර ඇතින්න ගොඩ ගැනිමට දැවැන්ත වෙහෙසක් ගෙන තිබුණී.

කෙසේ නමුත් පසුව ජේසිබි යන්ත්‍රයක් ද අවසානයේ යොදා ගනිමින් නැවත ඉවුරු පලල් කර පැය 7 කට පසුව ඇතින්න ගොඩ ගැනිමට කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් ඇතින්න දැඩි ලෙස නිරාහාරව සිටිමත් සමග ගොඩට ගැනිම ප්‍රමාද වු බවද වනජීවි නිළධාරින් පවසයි.

ලිදෙන් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණි ඇතින්න මිටර් 20 කට ආසන්න දුරක් ඇවිද ගියද ඇගේ ශරිරයේ යම් ආබාධයක් හේතුවෙන් එකවර වැටි ගියද ඇයට නැවත නැගි සිටිමට අසිරු වන ආකාරය දැක ගත හැකි විණි .

කෙසේ නමුත් කරුවලගස්වැව වනජීවි නිලධාරින් පවසා සිටියේ වනජීවි පශු වෛද්‍යවරයා කැඳවා 25 සවස ප්‍රථිකාර ලබා දිමට කටයුතු කරන බවයි.