පැය 24 ට 588 ක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ 

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 588 දෙනකු  අත්අඩංගුවට ගෙන වාහන 132 පොලිස් බාරයට ගෙන ඇතැයි  පොලිස්  මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  කියයි.

ඉකුත් මාර්තු 20 වෙනි දා සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  පුද්ගලයන් 35321 අත් අඩංගුවට ගෙන  වාහන 9015 පොලිස් භාරයට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි .