(ඉන්දිකා රාමනායක, ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරි සහ ජවුෆර් කාන්)
මඩකලපුව කලවංචිකුඩි ආරියම්පති ප්‍රදේශයේ පවුල් ආරවුලක පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කලවංචිකුඩි පොලිසියේ කොස්තාපල්වරයකුට පොරවකින් පහර දී තුවාල සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයකු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු බීමතින් බිරිඳට හිරිහැර කරන බවත්, ඇයට නිවසට පැමිණීමට නොදෙන බවටත් ඇය පෙරේදා (18) කාන්තන්කුඩි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඊයේ (19) පෙරවරුවේ පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සැකකරු මුන ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී පොලිස් නිලධාරියකු වෙත පොරෝ තලයක් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොරෝ තල පහර වැදීම නිසා තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මඩකලපු රෝහලට ඇතුළත් කර ප්රවතිකාර ලබමින් පසුවෙයි.
කලහාකාරි ලෙස හැසුරුණු සැකකරු සමග සෙසු පොලිස් කොස්තාපල්වරයා පොරබදා ඔහු මෙල්ල කර ගෙන ඇත.
සැකකරු අත්අඩංරැගුවට ගෙන පරික්ෂා කිරීමේ මේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි වියේ පුද්ගලයකු බවද පොලිසිය කියයි.

