පාස්කු විවාදය තව දිග්ගැස්සේ


 

සුජිත් හේවාජූලිගේ

පාස්කු කොමිසන් සභා වාර්තාව පිළිබඳ විවාදය තවත් දිනක දෙකක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව විවාදය මේ මස සිවු වන සතියේ පැවැත්වෙනු ඇත.

පර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත අතර ඒ රැස්වීමේදී විවාදය පවත්වන දින තීරණය කරන බව පාර්ලිමේන්තුවේ සහකර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවැසීය.